පර්පෙචුවල් ට්‍රෙෂරීස් ‘බිස්නස්’තවත් මාස හයකට අත්හිටුවයි

56

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2023 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකර ගෙන යෑමේ අරමුණින් මේ තීරණය ගෙන ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment