රාජ්‍ය වියදම බිලියන 250කින් කපයි

1434

රු. බිලියන 250 කින් (රුපියල් කෝටි 25,000 කින්) පමණ රාජ්‍ය වියදම් අඩුකර ගැනීමට හැකි මාර්ග මහ භාණ්ඩාගාරය විසින් දැනටමත් හඳුනාගෙන ඇත. දැනට මේ වසර (2022) ඉදිරිපත්ව ඇති රාජ්‍ය අයවැය වෙනුවට නව අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති අතර එම අයවැය මගින් මෙම වියදම් කප්පාදුව සිදුවීමට නියමිතව ඇත.විශේෂයෙන් රජයේ ප්‍රාග්ධන වියදම් කප්පාදුවෙන් මේ වියදම් අඩු කිරීමට මහ භාණ්ඩාගාරය අපේක්‍ෂා කරයි. මේ අනුව විවිධ අංශවලින් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කිරීමට වෙන්කර තිබූ මුදල් ඉතිරි කරගෙන ඒවා ජනතාවට සහන ලබාදීමට යොදා ගැනීමට රජය සැලසුම් කර ඇත.අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා ද පවසන්නේ අන්තර්කාලීන අයවැයෙන් වියදම් කප්පාදුවට ප්‍රමුඛතාව ලබාදෙන බවය. ඒ අතරම බදු ආදායම් වැඩිකර ගැනීමට අපේක්‍ෂා කරන බවද හෙතෙම කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment