කතරගම ප්‍රා සභාපති සහ උප සභාපති රිමාන්ඩ්

551


කතරගම හෝටලයක් තුළදී ගැටුමක් ඇතිකරගත් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ,උප සභාපති ඇතුළු සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තරිදු සමීර සිල්වා මහතා ඊයේ (21) සවස නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන,උප සභාපති ඩී.වී.ශාන්ත,මන්ත්‍රි භාතිය ගාල්ල වත්ත හා සභාපති වරයා සමග පැමිණි බව කියන තවත් පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment