කැස්බෑ මරණ සොයන විමර්ශනයට ආයතන 4 ක්

60

සතුන් මැරුණේ ධීවරයන්ගේ වැඩ නිසා දැයි සැකයක්

දිවයින ආශ්‍රිත මුහුදු වෙරළ තීරයේදී මියගොස් සිටියදී හමුවුණ කැස්බෑවන් සහ මසුන් මිය යන්නට ඇත්තේ ධීවරයන් විසින් මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා සිදුකරන ලද පිපිරීමක් හේතුවෙන් ද කියා වනජීවි දෙපාර්තමේන්තුව සැක කරයි.

මියගොස් සිටියදී හමුවූ කැස්බෑවන්ගේ මතුපිට කටුව දැඩි ලෙස පිපිරීමට ලක්ව තිබීම නිසා මෙම සැකය මතුවී ඇත. මේ වනවිට ජා-ඇල මුහුදු තීරයේ සිට පානදුර මුහුදු තීරය ඇතුළත මියගිය කැස්බෑවන් 25 දෙනකු, තල්මස් පැටියකු මෙන්ම මසුන් කිහිපදෙනකුගේ සිරුරු හමුවී තිබේ.

මොළයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් කැස්බෑවන් මියගොස් ඇති බවත් එම කැස්බෑවන් වැඩි පිරිසක් බටු කැස්බෑවන් බවත් හෙළිවී තිබේ. කොළ කැස්බෑවන් දෙදෙනකු ඒ අතර සිටින බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

කැස්බෑවන් මියයෑම ධීවරයින් විසින් සිදුකරන ලද පිපිරීමක් හේතුවෙන් සිදුවී ඇති ද යන්න සෙවීමට විමර්ශනයක් ආරම්භ කර එහි වාර්තාව කඩිනමින් නිකුත්කිරීමට එම දෙපාර්තමේන්තුව අදහස් කර ඇත. ආයතන 04 ක් මේ සම්බන්ධ විමර්ශන සඳහා එක්කරගෙන සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment