ඉහළ විනිසුරුවරුන් පත්කිරීමේදී පැටිකිරිය සොයා බලන්න ව්‍යවස්ථාදායක සභාවෙන් අගවිනිසුරුට ලිපියක්

89

උපරිමාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබන විනිසුරුවරුන්ගේ ක්‍රියා කලාපයන් සොයා බලා එම පත්වීම් සිදුකළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්වීම් ලබන විනිසුරුවරුන් පසුගිය වසර කිහිපය තුළ ලබාදුන් අධිකරණ තීන්දු හා ඔවුන්ගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව ද දන්වා සිටින ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිදුකරන යෝජනා අනුව සිදුකරන පත්වීම් වලට අදාළව මෙම දැනුම්දීම සිදුකරන බව ද කියා සිටී.

අදාළ පත්වීම් සඳහා යෝජනා වන විනිසුරුවරුන් ලබාදුන් තීන්දු හා විනිශ්චයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවලංගුවීම, ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්‍ෂණ පිළිබඳවත් එමෙන්ම යෝජිත විනිසුරුවරුන්ගේ හැසිරීම හා අධිකරණ ක්‍රියාදාමයේ දියුණුව උදෙසා ලබාදී ඇති දායකත්වය පිළිබඳවත් මෙහිදී සොයා බැලීමක් සිදුකළ යුතු බවට ව්‍යස්ථාදායක සභාව අගවිනිසුරුවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා තිබේ.

සමන්ත ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment