අර්බුද මැද්දෙන් මෛත්‍රීලා වෙන තැනකට

862

පවතින දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යෑම සඳහා තාවකාලික දේශපාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ශ්‍රීලනිප හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇත.

ලබන සතිය වන විට එම දේශපාලන මධ්‍යස්ථානය කොළඹ පිහිටි ගොඩනැඟිල්ලකදී ආරම්භ කිරීමට මේ වනවිට නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ වනවිටත් පවතින දේශපාලන අර්බුදය හා අධිකරණ තීන්දු තීරණ හේතුවෙන් ස්ථීර ස්ථානයක් සිය ඉදිරි දේශපාලන කටයුතු හා ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් කැඳවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කීය.

ඒ අනුව ඉතා ඉක්මනින් දේශපාලන මධ්‍යස්ථානය ආරම්භ කර දිවයින පුරා සිටින දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු කොළඹට කැඳවීමටත් ඊට අමතරව තමන් සමග එක්වීමට කැමැති අනිකුත් දේශපාලන කණ්ඩායම් හා පක්ෂ සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment