බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හිමිකර ගැනීමේ පොදු ජන සිහිනය සැබෑ කරමින් සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි බ්‍රෑන්ඩ් නිව් බජාජ් පෙට්‍රල් ත්‍රිරෝද රථය වසර 05ක නිහැඩියාවකින් පසු ශ්‍රී ලංකාවට නැවතත් හදුන්වාදී ඇති බව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගියදා නිවේදනය කළේය.

නව බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය එළිදැක්වීම පසුගියදා බත්තරමුල්ලේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රධාන කර්යාලයේදී සිදු කෙරුණි. මීට සමගාමීව බත්තරමුල්ල ශ්‍රී ලංකා ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ දශක ගණනක නොමැකෙන සේවයක් තහවුරු කළ බජාජ් ත්‍රිරෝද රථය අද වන විට මෙරට ගම් දනව් සිසාරා ජනතාවගේ ජීවිතවල එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට සහාය දෙන ප්‍රමුඛයා බවට පත්වී ඇත. විශේෂයෙන් කොළඹින් පිට පළාත්වල 80%ක් පමණ විසිරී ඇති බජාජ් ත්‍රිරෝද රථය පොදු ප්‍රවාහන සේවා නොමැති ග්‍රාමීය ප්‍රදේශවල කැපී පෙනෙන මෙහෙයක් ඉටුකරනු ලබයි. නාගරික ප්‍රදේශවල පවා රාත්‍රි කාලයේදී පොදු ප්‍රවාහන සේවා නොමැති වූ විට ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ එකම මාධ්‍යය වන්නේ ත්‍රිරෝද රථයයි. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවිත හා බැදී ඇති ත්‍රිරෝද රථය ගමේ ගැබිණි මව ඇතුළු රෝගීන් රෝහලට ගෙන යන ගිලන් රථය ලෙස කටයුතු කරයි. තවද ග්‍රාමීය ප්‍රදේශවල ඇති සමහර පටු මාර්ගවල ගමන් කළ හැකි එකම වාහනය ලෙස ගොවීන්ගේ අස්වැන්න වෙළෙඳපොළට ගෙන යන වාහනය වන්නේ ත්‍රිරෝද රථයයි. සාමාන්‍ය භාවිතයට අමතරව ස්වයං රැකියාවල නිරත වන තරුණ ව්‍යවසායකයන්ගේ මෙන්ම විශේෂයෙන් කාන්තා ප්‍රජාවගේ නිෂ්පාදන බෙදා හරින වාහනය ලෙස ත්‍රිරෝද රථය කැපී පෙනෙන මෙහෙයක් ඉටුකරනු ලබයි. මේ සියලු කරුණු හරහා ශ්‍රී ලංකාවේ ලක්ෂ 50ක ජනතාවක් සෘජුව හා වක්‍රව ත්‍රිරෝද රථයෙන් යැපෙන අතර මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වයි.

සියලු දේ අලුත් වී ඇති බජාජ් බ්‍රෑන්ඩ් නිව් ත්‍රිරෝද රථය වැඩි දියුණු කළ අංග හරහා බලයෙන් වැඩි අතර සුපිරි ක්‍රියාකාරිත්වයක් මෙන්ම කාර්යක්ෂමතාවකින් යුක්ත වේ. 236.2ජජ එන්ජිමකින් සමන්විත වන නව බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය නවීනතම BS6 වායු විමෝචන තත්ත්වයන්ට අනුකූලව අඩු විමෝචනයක් සිදු කරන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇත. වැඩි දියුණු කළ ඩෑෂ්බෝඩ් පහසුකම පෞද්ගලිකව සහ වාණිජ වශයෙන් මෙම වාහනය භාවිත කරන්නන්ට පහසුව සහ අභිමානවත් පෙනුම තහවුරු කරයි.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩේවිඩ් පීරිස්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ, ඩේවිඩ් පීරිස් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ ඉෂාන් පීරිස් යන මහත්වරු බත්තරමුල්ලේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රධාන කාර්යාලයේදී බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය එළිදැක්වීමෙන් අනතුරුව ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූප – තුෂාර අතපත්තු


advertistmentadvertistment