බර ඉසිලීමේ පිරිමි ශූරතාව යුද්ධ හමුදාවට

28

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලිය

2024 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බර එසවීම හා සවි එසවීමේ තරගාවලිය මෙම මස 22,23 සහ 24 දිනයන් හි පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී උත්කර්ශවත් අන්දමින් පැවැත්විය. රෙජිමේන්තු 17ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 දෙනකු සහභාගි වූ මෙම තරගාවලිය කායවර්ධන, බර එසවීම සහ සවි එසවීම යන අංශ තුන යටතේ පැවැත්විණි.

ඉතා උණුසුම් හා උද්වේගකර තරගාවලියකින් අනතුරුව පිරිමි හා කාන්තා වශයෙන් පැවති බර ඉසිලීමේ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය හිමිකර ගන්නා ලද අතර එහි අනුශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව දිනාගන්නා ලදී. මෙහිදී කාන්තා ශුරතාවය යුද්ධ හමුදා පොදු සේවා බළකායත් එහි අනුශූරතාව යුද හමුදා කාන්තා බලිකා කාණ්ඩායමත් හිමිකර ගන්නා ලදී.

සවි ඉසවීමේ ශුරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සතුකර ගනිද්දී එහි අනුශූරතාවය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සතු කරගන්නා ලදී. මෙම තරගාවලියේ කායවර්ධන අංශයේ ශුරතාවය ශ්‍රී ලංකා සංඥා බළකාය හිමි කරගනිද්දී එහි අනුශූරතාවය දිනා ගැනීමට ගැමුණු හේවා බළකාය සමත්විය.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති හා යුද්ධ හමුදා කායවර්ධන, බර එසවීම හා සවි එසවීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජනක විමලරත්න ජයග්‍රාහකයන් සඳහා සහතික සහ පදක්කම් ප්‍රධානය සිදු කරන ලදී.


advertistmentadvertistment