කොටි ලාංඡනය අලවාගෙන ධාවනය කළ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට

759

කොටි සංවිධානය යළි කරළියට ගැනීමේ සූක්ෂම උපායක් කන්දේනුවර පොලිසිය අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වෙයි. කොටි ලාංජනය අලවාගෙන ධාවනය කළ ත්‍රීවීල් රථයක් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

එහි රියැදුරු සහ ලාංජනය සැකසූ ස්ටිකර් ආයතනයේ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවැසීය.

ත්‍රීවීල් රථයේ රියැදුරු ජාඇල ප්‍රදේශයේ ඉන්ධන හලක සේවකයෙකු වන අතර සැකකරු නිවාඩුවට පැමිණි අයෙකු බවද සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

කඳුකර දෙමිළ ජනතාව අතර මෙරට තහනම් සංවිධානයක් වන කොටි සංවිධානය යළි ප්‍රවර්ධනය කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් දැයි පොලිසිය සැක කරති. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

කන්දේගෙදර පොලිස් ස්ථානාධිපති පො.ප. ලෙව්කේ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment