බලන්ගොඩ නායයෑමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිවුදෙනාගේ සිරුරු හමුවේ

104

බලන්ගොඩ ගවරන්හේන වසමේ වැහින්තැන්න ගම නායයෑමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ සිවු දෙනාගේ සිරුරු පස් යට තිබී ඊයේ (14 දා) සවස සොයා ගෙන තිබේ.

පියා, මව සහ හා දියණියන් දෙදෙනකුගේ සිරුරු මෙසේ හමුවී ඇති අතර යුද හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීහු ද සිරුරු සෙවීමේ මෙහෙයුමේ යෙදී සිටියහ.

ඕපනායක – ජයලත් එම්. විමලසේන සහ බලන්ගොඩ – එන්. එච්. පියසේන,

බලන්ගොඩ නායගිය ප්‍රදේශය බලන්න එන්න එපා – ප්‍රා. ලේකම් ඉල්ලයි

බලන්ගොඩ ගවරන්හේන ග්‍රාම නිලධාරි වසමේ වෑහින්තැන්න ප්‍රදේශයේ නායයෑමෙන් පසු ඉවත් කර ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වල රඳවා සිටින පවුල් හයකට අයත් 25 දෙනාට බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වියලි ආහාර ලබාදී තිබේ. ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මගින් ප්‍රදේශයේ සිදු කෙරෙන විමර්ශනවලින් පසුව මෙම පිරිසට විකල්ප ඉඩම් ලබාදී නිවාස තනා දීමට පියවර ගෙන ඇත.

බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා කියා සිටින්නේ මෙම ස්ථානය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසයි. පොලීසිය මගින් මාර්ග බාධක යොදා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කර ඇතත් අවදානම නොතකා වෙනත් මාර්ගවලින් ජනයා එම ප්‍රදේශයට පැමිණෙන බවත් එය ඉතා අවදානම් බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

බලන්ගොඩ – එන්. එච්. පියසේන


advertistmentadvertistment