ලබන 13 (බදාදා) සහ 14 (බ්‍රහස්පතින්දා) දෙදින බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ලබන 14දා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම කාර්යාලය මෙම තීරණයට එළැඹ තිබේ.
කිසියම් රථ වාහනයක දඩ අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර ලබාගැනීමේ අවසන් දිනය නොවැම්බර් 13 සහ 14 දිනට යෙදී ඇත්නම් පෙරකී දින දෙකෙන් පසුව රාජකාරි ආරම්භ කරනු ලබන පළමු දිනයේම දඩ මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
සුජීව තත්සර