බාර් හුටපටය පොලිසියට ගල්ගැසූ 15ක් අත්අඩංගුවට

18

ත්‍රිකුණාමල මුත්තූර් පච්චනූර් ඉරිදියපුරම් ප්‍රදේශයේදී ආරම්භ කිරීමට නියමිත තැබෑරුමකට විරෝධය පළ කළ පිරිසක් මෙල්ල කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් පහර දීමේ සිද්ධියක් පිළිබඳව පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ගල් පහරවල් එල්ල වූ උප පොලිස් පරීක්‍ෂකවරයකු සහ කොස්තාපල්වරයකු තුවාල ලබා මුත්තූර් රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනකු ද සිටින බව මුත්තූර් පොලිසිය කියයි. සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථ තුනක්, යතුරුපැදි සහ පාපැදි 15ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම පිරිස මෙම උද්ඝෝෂණය කර ඇත්තේ පෙරේදා (25දා) සවස් වරුවේය.

නෝමන් පලිහවඩන, සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමල වාර්තාකරු

advertistmentadvertistment
advertistmentadvertistment