අවුරුදු පහළොවයි මාස දෙකක් වයසැති දැරියක් නිවසට කැඳවාගෙන ගොස් ස්ත්‍රී දූෂණයක් සිදුකළ තරුණයකු පෙරේදා (18 දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවටගත් දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇයට වයස අවුරුදු 08 දී අසල්වැසියෙකු විසින් අතවර කළ බව ප්‍රකාශ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ 19 හැවිරිදි පෙම්වතාද, ඇයට කුඩා කාලයේ අතවර කළ අසල්වැසි 28 හැවිරිදි පුද්ගලයාද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක