බිත්තර නිපැයුම පහළට

87

මෙරට බිත්තර නිෂ්පාදනය ඉකුත් වසරේ දී (2023) බිත්තර මිලියන 1,604 දක්වා සියයට 13.2කින් අඩු වී ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

2022 වර්ෂයේ දී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1,849කි. 2022 වර්ෂයට සාපේක්ෂ 2023 වර්ෂයේ දී බිත්තර නිෂ්පාදනය මිලියන 245කින් අඩු වී ඇත. එහෙත් කුකුළු මස් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී මෙට්‍රික්ටොන් 236,110 දක්වා සියයට 3.5කින් සුළු වශයෙන් වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

සත්ත්ව ආහාර හිඟය සහ මව් පක්ෂින් ආනයනය අඩුවීම බිත්තර නිෂ්පාදනය අඩු වීමට ප්‍රධන වශයෙන් හේතු විය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment