බිබිල යශෝධරාවේ ශෙහානිට රන් පදක්කමක්

304

ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ 2024 ජාතික මහා ක්‍රීඩා උලෙළේ ඌව පළාත් ක්‍රීඩා තරගාවලියේදී කුමිතේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ප්‍රථම ස්ථානය බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ කේ.ඩී.ජී. ශෙහානි ක්‍රීඩිකාව හිමිඅකරගෙන ඇත.

බදුල්ල තරුණ මුස්ලිම් ක්‍රීඩා සමාජ ශාලාවේදී මෙම ක්‍රීඩා තරග පැවැත්විණි.

එහිදී ප්‍රථම ස්ථානය හිමිකරගත් ශෙහානි ක්‍රීඩිකාවට සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිවිය.

විදුහල්පති එච්.එම්. හිමාලි සමන් කුමාරී මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයීය ක්‍රීඩා ආචාර්ය/පුහුණුකරු සමන්ත විජේසේකර මහතා යටතේ ඇය පුහුණුව ලබා තිබේ.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment