යාපනයේ මූලවෙඩ්ඩි ප්‍රදේශයේ නිවසකදී සිය භාර්යාවට ගිනි තබා ඝාතනය කළ සැකකරුවකු චුන්නාකම් පොලිසිය විසින් 25 දා අත්අඩංගුවට ගෙන තිබේ.
දරුවන් දෙදෙනකුගේ මවක් වූ රෙජි නිශාන්තන් නිශාන්දිනී (43) නැමති මෙම කාන්තාවගේ ස්වාමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය
ගැනීමට මුදල් ඉල්ලා කරදර කළ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ඊට මුදල් ලබා නොදීම නිසා ඇයගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනි තබා ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී තිබේ.
ඇඳුම්වලට ගිනි ගත් කාන්තාව කෑ මොර දෙද්දී අසල්වාසීන් පැමිණ ඇගේ සිරුරේ ගින්න නිවා යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇයව ඇතුළත් කොට තිබේ.
ඒ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහලට මාරු කොට යවා ඇති අතර ඇය එහිදී මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසියට ලැබුණු තොරතුරු මත කාන්තාවගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.
දිනසේන රතුගමගේ