සුප්‍රසිද්ධ බි්රතාන්ය ස්වර්ණාභරණ තැරැව්කරුවන් වන සොතෙබිස් සමාගම විසින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පුරාණ පිප්‍රහ්වා ස්තූපයෙන් 1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300 කට අධික එකතුවක් මැයි 7 වැනිදා වෙන්දේසි කිරීමට සූදානම් වේ. මෙය බොහෝ බෞද්ධ සංවිධානවල විරෝධයට හේතුවී තිබේ. වෙන්දේසිය සිදුවන්නේ හොංකොං හිදීය.
මෙම ධාතු අයත් වී ඇත්තේ විලියම් ක්ලැක්ස්ටන් පෙපේ පවුලට වන අතර, ඔවුන් පිප්‍රහ්වා ස්තූපයේ කැණීම් අධීක්ෂණය කළ බි්රතාන්ය ඉඩම් හිමියාගේ පරම්පරාවයි.
මෙම ධාතු වෙන්දේසි කරන සොතෙබිගේ හොංකොං කාර්යාලය නාමාවලියෙහි සඳහන් කරන්නේ වෙන්දේසි කරනු ලබන්නේ මැණික් හා ආභරණ පමණක් බවත් එයට බුදුන්ගේ අස්ථි සහ අළු අඩංගු නොවන බවත්ය.
බි්රතාන්ය මහා බෝධි සංගමය පවසන්නේ මේ වෙන්දේසිය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. බුදුන් වහන්සේගේ අනුගාමිකයන් සඳහා භක්තියේ සහ වන්දනාමාන කිරීමේ වස්තූන් අන් අයගේ දේපළ ලෙස පිළිනොගන්නා බව ධර්මය අපට උගන්න බවත් මෙම වස්තූන් වෙන්දේසි කිරීම එහි අධ්‍යාත්මික වටිනාකමට නොගැළපෙන බවත් බි්රතාන්ය මහා බෝධි සංගමය කියයි.
මෙම වෙන්දේසිය ගැන බෞද්ධයන් බෙහෙවින් කණස්සල්ලට පත්ව ඇති බව මෙම පුවත හෙළි කරන බි්රතාන්ය මාධ්‍යවේදී ග්රැහැම් ඩික්සන් සටහන් කරයි.
පිප්‍රහ්වා ස්තූපයේ සිදුකළ කැණීම් අනුව ශාක්‍ය වංශිකයන් වෙත ලබාදුන් බුදුන් වහන්සේගේ භෂ්මාවශේෂවලින් කොටසක් මෙහි නිධන් කොට තිබිණි.
චතුර පමුණුව