බුලනවැව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක පිළිරුවේ හිස ඉවත් කරලා

31

පොලිසියෙන් පරීක්ෂණ

දේවහුව, බුලනවැව මංසන්දියේ මීට වසර 60 කට පෙර ඉදිකරනු ලැබූ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතාගේ රුව සහිත පිළිරුවේ හිස කොටස කිසියම් පිරිසක් විසින් ගලවා දමා ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම පිළිරුව ඉදිකර තිබුණේ දිවංගත අග්‍රාමාත්‍යවරයාට උපහාරයක් ලෙසත් තමන්ගේ ඉල්ලීමක් පරිදි ඉදිකර තිබූ මෙම පිළිරුවට හානි සිදුකිරීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. පසුගිය කාලයේ සෑම වසරකම මෙම ජනනායකයා අභාවප්‍රාත්ත වූ සැප්තැම්බර් 26 වැනි දින මෙම පිළිරුවට දේශපාලනඥයන් විසින් මල්මාලා පළඳවා උපහාර දැක්වූ බව ඔවුහු පවසති. එම පිළිරුව ඉදිකර විවෘත කරන ලද්දේ එවකට වාරිමාර්ග හා ඉඩම් ඇමැතිවරයා හා දඹුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී හා අධ්‍යාපන ඇමැතිවරයෙක්ව සිටි ටී. බී. තෙන්නකෝන් මහතා විසිනි.

ගලේවෙල විශේෂ


advertistmentadvertistment