බුවනෙකබා රාජසභා මණ්ඩපය යළි ඉදිකරයි

56

කඩා දැමුණු ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සඳහා කුරුණෑගල නගර සභාවෙන් අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසයි.

බුවනෙකබා රාජසභා මණ්ඩපය නගර සභාව සතු භූමියක පවතින හෙයින් මෙලෙස අවසර ලබා ගනිමින් එහි ඉතිරිව ඇති කොටස ද ආරක්ෂා කර ගනිමින් කඩාදමා ඇති කොටස නැවත ඉදිකිරීමට පියවර ගන්නා බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

2020 වසරේ ජූලි මාසයේ 14දා මාර්ගය පුළුල් කිරීමට බව පවසමින් කුරුණෑගල මහ නගර සභාව බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ඉපැරැණි බුවනෙකබා රාජ මාලිගාවට හානි සිදුකර තිබිණි.

13 වන සියවසට අයත් කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැලකෙන මෙම ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.

සුජීව තත්සර


advertistmentadvertistment