“බූස්සේ ෆෝන් හොයන්න එන්න එපා” – ගණේමුල්ල සංජීවගෙන් බන්ධනාගාර නිලධාරියකුට තර්ජන

247

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් සතු ජංගම දුරකථන අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් නොකරන ලෙස කියමින් එහි ඉහළ නිලධාරියකුට ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් එම නිලධාරියා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් සතු ජංගම දුරකථන සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර නිලධාරීන් පසුගිය දින කීපය පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment