අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ 15 ක දැඩි හිඟය හේතුවෙන් දසදහසකට අධික පිළිකා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමය රජයට කියා සිටී.
මහරගම අපේක්ෂා රෝහල, රාගම, අවිස්සාවේල්ල, කුරුණෑගල, හලාවත, අනුරාධපුර, වව්නියාව, යාපනය, බදුල්ල, මාතර, රත්නපුර ඇතුළු රජයේ ප්‍රධාන රෝහල් 15 ක පිළිකා ඒකකවල රෝගීන් සඳහා දිනපතා භාවිත කරන ඖෂධ 90% ක් හිඟ හෝ නැත්තටම නැති බව, එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛi ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ ට ඊයේ (04 දා) පැවැසීය.
මේ පිළිබඳව අවස්ථා රැසකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇතත්, මේ දක්වා ඒ පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම නිසා පිළිකා රෝගී ජීවිත දිනෙන් දින දැඩි අනතුරකට ලක්වෙමින් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
“ඖෂධ හිඟය නිසා දිනපතා සහ නියමිත කාලසීමිවේ ප්‍රතිකාර ලබා දිය යුතුම රෝගීන්ගේ ජීවිත අනතුරේ වැටිලා. නියමිත ලෙස ප්‍රතිකාර කිරීමෙන් බොහෝ පිළිකා රෝගීන්ගේ ජීවිත පහසුවෙන් බේරාගත හැකියි. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ පිළිකා රෝගී ප්‍රතිකාර ප්‍රමාද කරන්න බැහැ. එය රෝගී ජීවිත හිතාමතාම අනතුරේ හෙළීමක්. අද අපේ රෝහල්වල පිළිකා මර්දන ඖෂධ සමඟ රෝගීන්ට දෙන වමනය සඳහා භාවිත කරන ඖෂධයත් නැහැ.
පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ ලබාගැනීමට දැන්වූවත් රෝගීන්ගෙන් 90%කට අධික පිරිසකට ඖෂධ මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. ඇතැම් පිළිකා ඖෂධ රුපියල් 50,000කට වඩා මිලයි.
සුජීව තත්සර