බෝරාවරුන්ගේ වාර්ෂික සම්මේලනයට උපරිම සහාය ලබා දෙන්න – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගෙන් නිලධාරීන්ට උපදෙස්

1

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සාගල රත්නායක මහතාමෙම උපදෙස් ලබාදෙනු ලැබුවේ වාර්ෂික බෝරා සම්මේලනය පිළිබඳ 24දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස 07දා සිට 16දා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සම්මේලනය පැවැත්වේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් මෙන්ම, ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා පොලිසිය, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුලු‍ රේඛීය ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment