මතුගම-මළබඩදී මාරක අනතුරක්

118


කළුතර, මතුගම මාර්ගයේ මළබඩ ප්‍රදේශයේදී ඊයේ (23) පස්වරුවේ වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුනට මුහුන ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් එක් අයෙකු රෝහල් ගතකල බව දොඩංගොඩ පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ දොඩංගොඩ සපුගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී අරුමුගම් සත්‍යරාජා (45) සහ කේ.ඒ.ලක්සිත දේවප්‍රිය (36) නමැති දෙදෙනෙකු බවත් , ඔවුන් ත්‍රීරෝද රථයේ පසුපස ගමන්කර ඇති බවත් පොලිසිය කියයි. ත්‍රීරෝද රථය යටදොල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන මතුගම දෙස සිට කළුතර දෙසට යමින් සිට ඇති අතර , වැන් රථය කළුතර දෙස සිට මතුගම දෙසට යමින් සිටියදී මුහුනට මුහුන ගැටී ඇතැයි පොලිසිය කීය.


advertistmentadvertistment