දිස්ත්‍රීක්ක 07කට නායයෑම්

370


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

එහිදී කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට ද මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශයටද මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශවලටද රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයට ද ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවී ඇති බවය.

වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම් බෑවුම් කඩාවැටීම්ල ගල් පෙරළීම්ල පොළොව ගිලාබැසීමේ සහ පස් කණ්ඩි කඩාවැටීම් අවදානම් පිළිබඳව අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත යාමට සූදානමින් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

මේ අතර දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ රැසකට විමසිලිමත්ව පසුවිය යුතු බවට දැක්වෙන කහ වර්ණයෙන් යුතු නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

එම ප්‍රදේශ වන්නේ,

ගාල්ල- -නෙළුවල ඇල්පිටිය,
හම්බන්තොවලස්මුල්ල,
කළුතර- අගලවත්ත-වලල්ලාවිට
කෑගල්ල- රුවන්වැල්ල,
මාතර– මුලටියන, අතුරළිය
රත්නපුර- කලවාන, කොළොන්න, ඇහැළියගොඩ, කුරුවිටල කිරිඇල්ල, අයගමල ඇළපාත. නිවිතිගල,පැල්මඩුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment