හීටරයක් පුපුරා බිළිදෙක් මරුට

181

අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියගොස් ඇත.හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස තුළ ගිනි ගැනීමක් ඇති වී තිබුණි.නිවසේ සිටි වෙනත් දරුවෙකු විසින් හීටරය භාවිත කර ඇති අතර හීටරය පුපුරා යන විට මව නිවසේ සිට නොමැති බව සඳහන් වෙයි.බිළිඳිය සිටි ඇඳට ගිනි ඇවිලී කාමරය තුළ ගින්න පැතිර ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment