මන්නාරම රෝහලේ දරු ප්‍රසූතියේදී මිය ගිය මවගේ සහ දරුවාගේ මරණය
මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතියේදී මිය ගිය මවගේ හා දරුවාගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මන්නාරම රෝහලේදීම පැවැත්වීමට ගිය අවස්ථාවේදී පන්සීයක් පමණ වැසියෝ රෝහල තුළට කඩා වැදී ඊට එරෙහිව 20දා සවස විරෝධතාවක් දියත් කළහ.
පළාතේ ආගමික නායකයින්ගේද සහය ඇතිව දැඩි වර්ෂාව මධ්‍යයේ පැමිණි මේ පිරිස රෝහල් භූමියේ සිට කෑ කෝ ගසමින් මිය ගිය කාන්තාවට හා දරුවාට සාධාරණය ඉටු කොට දෙන මෙන් හඬ නගමින් ඉල්ලා සිටියහ.
මන්නාරම රෝහල තුළට කඩා වැදුණු පිරිස පාලනය කිරීමට මන්නාරම පොලිසියේ නිලධාරීන්ට දැඩි අපහසු තත්ත්වයක් උද්ගත වූ අතර පොලිසිය හා රෝහලේ පාලන අධිකාරිය සාකච්ඡා කිරීමෙන් පසුව ගත් තීරණ කීපයක් මත ජනතාව මන්නාරම රෝහල් භූමියෙන් ඉවත් වී ගියහ. මිය ගිය දෙදෙනා සම්බන්ධයෙන් වූ සියලුම වෛද්‍ය පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට තීරණය කොට ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෘජු පරීක්ෂණයක් හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් තවත් පරීක්ෂණයක් පැවැත්වීමටත් දැනට තීරණය වී තිබේ.
එම පරීක්ෂණවලදී යම් අයකු වරදකරුවකු වුවහොත් ඔහුගේ තරාතිරම නොබලා දඬුවම් කිරීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස විශේෂ කමිටුවක්ද පත් කොට තිබේ.
ඒ අනුව මිය ගිය මවගේ හා ප්‍රසූත කළ දරුවාගේ මෘත ශරීර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන ගොස් තිබේ. මිය ගිය කාන්තාව දරුවා ප්‍රසූත කිරීමට ආසන්නයේදී කෑ ගැසුවත් එම වාට්ටුවේ රූපවාහිනී නරඹමින් හා ජංගම දුරකතන භාවිත කරමින් සිටි හෙදියන් හා අනෙක් කාර්ය මණ්ඩලය ඒ ගැන කිසිදු තැකීමක් නොකළ බවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල වී තිබේ.
දිනසේන රතුගමගේ