මර්වින් සිල්වා උසාවි එයි

288

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ආකාරයෙන් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේය.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 07 වැනිදා කැඳවීමට වීමට නියම කළ අධිකරණය එදිනම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියෝග කළේය.


advertistmentadvertistment