මව්කිරි ශ්වාසනාලයේ ගිහින්: බිළිඳිය මරුට

2

යාපනයේ ඉනුවිල් නැගෙනහිර ගම්මානයේ දින හතළිහක් වයස බිළිඳියක් මව්කිරි උගුරේ හිරවීම නිසා පෙරේදා (27 දා) යාපනය තෙලිප්පලෙයි රෝහලේදී මියගොස් තිබේ. ඇගේ මව දරුවාට කිරි දෙමින් සිට ස්වල්ප වේලාවකට පසුව දැරියගේ සිරුර චලනය නොවී තිබෙනු දැක වහාම ඇයව තෙලිප්පලෙයි රෝහලට රැගෙන ගොස් තිබේ.

වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇත්තේ ඒ වනවිටත් එම බිළිඳිය මියගොස් ඇති බවයි. තෙලිප්පලෙයි හදිසි මරණ පරීක්ෂක ඒ. ජයපාලසිංහම් මහතා මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කිරීමෙන් පසුව පැවති පරීක්ෂණයේදී බිළිඳිය මියයෑමට හේතුව මව්කිරි ශ්වාසනාලයේ සිරවී හුස්ම ගැනීමට වූ අපහසුව නිසා බව නිගමනය විය. පරීක්ෂණවලින් පසුව බිළිඳියගේ මළසිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත භාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment