මහජන බැංකුවේ දායකත්වයෙන් ජාතික රෝහලේ හෘද හා උරස් වාට්ටුව ප්‍රතිසංස්කරණය කෙරේ

73

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ ආයතනික සමාජ සත්කාරක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ තවත් වැදගත් පියවරක් සනිටුවහන් කරමින් කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස් වාට්ටුව රුපියල් මිලියන 8කට අධික වියදමින් ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. මහජන බැංකුව සහ කොළඹ, ජාතික රෝහල අතර දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති අතර, මහජන බැංකුව විසින් 1999 වසරේදී මෙම පරිශ්‍රය ‘සිඟිති සුව මැදුර’ යන නමින් හෘද රෝග ළමා වාට්ටුවක් ලෙසින් ජාතික රෝහලට පරිත්‍යාග කෙරිණි.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහිපාල, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරිත්වය, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – සෞඛ්‍ය සේවා වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, හෘද හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.එන්.ජසීල් මහතා ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.


advertistmentadvertistment