මහනුවර අධිකරණයේ බෝම්බ බිය 16 දා තෙක්

12

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇතැයි අද පෙරවරුවේ පැතිර ගිය රාවය හේතුවෙන් නතර කළ අධිකරණ කටයුතු මෙම මස 16 දා තෙක් නවතා දැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මහනුවර අධිකරණ සංකීර්ණයේ මෙලෙස බෝම්බයක් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් හේතුවෙන් අද පෙරවරුවේ සියලු අධිකරණ කටයුතු නවතා විනිසුරුවරු, නීතඥයින් ඇතුළු සියලු දෙනා ඉවතට ගෙන අධිකරණ පරිශ්‍රය දැඩි සෝදිසියකට ලක්කර තිබේ.

මෙම දුරකතන ඇමතුම අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර පෙරවරු 10.00 ට පමණ ලැබී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය, බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලීසිය හා යුද හමුදාව එක්ව අධිකරණ සංකීර්ණය සෝදිසියට ලක් කළද සැකකටයුතු කිසිවක් හමුවී නැත.

මෙම දුරකතන ඇමතුම ලබාදුන් අය හඳුනා ගැනීම සඳහා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment