මහනුවර ත්‍රිත්ව සහ ශාන්ත තෝමස් ජයග්‍රහණ ලබති

1

ඩයලොග් ලීග් ශූරතා ප්‍රමුඛ පෙළ රග්බි පාපන්දු තරගාවලිය

ඩයලොග් ලීග් ශූරතා ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 19 න් පහළ රග්බි පාපන්දු තරගාවලිය යටතේ ඉකුත් ඉරිදා (30දා) පැවති තරග ආශ්‍රිතව ජයග්‍රහණ සටහන් කර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමත් විය.

බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ ජයග්‍රහණය ත්‍රිත්ව විදුහල හිමි කර ගත්තේ මහනුවර ශ්‍රී සුමංගල විදුහල ලකුණු 49 – 14 ක් ලෙස පරාජය කරමිනි.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 30 – 26 ක තියුණු ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට හැකි වූහ.

ඒ අනුව තම දෙවන ජයග්‍රහණය ශාන්ත තෝමස් විදුහල සහ ත්‍රිත්ව විදුහල මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් සටහන් කර ගැනීම කැපී පෙණුනි.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අපොහොසත්වීම කැපී පෙනෙයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment