මහනුවර පොත් දැක්ම ඇරැඹේ

0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2024 මහනුවර සිටි සෙන්ටර්හීදී ඊයේ (01දා) පෙරුවරුවේ දී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පමණක් දෙවැනි වන මෙම පොත් ප්‍රදර්ශනය සඳහා දිවයිනේ ප්‍රධානතම පොත් ප්‍රකාශකයන් ඇතුළුව ප්‍රකාශකයන් පනහක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එහි මෙවර තේමාව නැණ සර ලොවකට පියාපත් යන්නයි.

මෙම පොත් ප්‍රදර්ශන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් විවෘත කෙරිණි.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව පොත් එළි දැක්වීම, විශේෂ දේශන ආදිය ද සංවිධානය කර ඇති අතර විශේෂ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට පාඨකයන්ට අවස්ථාව සලසා ඇති බවත් ලබන 07 වැනි දින දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා ප්‍රදර්ශනය පවැත්වෙන බවත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කළේය.

මෙම පොත් ප්‍රදර්ශනය ආම්භ කිරීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති (මහනුවර/මාතලේ) මහින්ද දිසානායක, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර, ලේකම් දිනේෂ් කුලතුංග, භාණ්ඩාගාරික අතුල ජයකොඩි ඇතුළු සංගමයේ සාමාජිකයන්, කැන්ඩි සිටි සෙන්ටර් ජ්‍යෙෂ්ඨ කළමනාකරු මාධව ජයසිංහ යන මහත්වරුන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේංසිහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජානක සම්පත් බණ්ඩාර-ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment