ආසියානු සහ සාගරික රුවල් ඔරු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙති

78

ඔක්තෝබර් මස 29 දින සිට නොවැම්බර් මස 05 වන දින දක්වා අඩුඩාබි හි පැවැත්වීමට නියමිත අවුරුදු 15 න් පහළ IODA ආසියානු සහ සාගරික රුවල් ඔරු තරගාවලියට සහභාගි වීම සඳහා නිලධාරීන් තිදෙනකු හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික රුවල් ඔරු කණ්ඩායම මෙම මස දිවයිනෙන් පිටත්ව ගියේය.

කළමනාකරු ජයන්ත ගුණසේකර, ජාතික රුවල් ඔරු පුහුණුකරු ක්‍රිෂාන් ජානක, කාන්තා නිලධාරිනි කල්පනී පෙරේරා යන නිලධාරීන්ගෙන් ද කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් යුසුෆ් හසාරි, විනුග හෙට්ටිගමගේ, කෙමාන්ද කොස්තා, මුහසම් ඉමිතියාස්, මොනාල් බොතේජු, ලුක්මාන් අනික් ද වික්‍රමතිලක යන ක්‍රීඩකයන්ගෙන් ද කොළඹ බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් කියොමි සමරක්කොඩි, කෙයාෂා සමරක්කොඩි, සොහාන්යා ද මෙල් යන ක්‍රීඩිකාවන්ගෙන් ද රුවල් ඔරු කණ්ඩායම සමන්විත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment