මෙරට ජීවත් වූ අග්‍රගණ්‍ය සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රකට විද්වතකු වූ මහාචාර්ය ආරිය රාජකරුණා මහතා පෙරේදා (05දා) තම දිවියට සමුදුන්නේය.
ජපන් සාහිත්‍ය හා සිනමාව සිංහල පාඨකයන් අතරට දායාද කළ වියතකු වූ එතුමා ජපන් කෙටිකතා රැසක් ද රෂොමාන් කෘතිය ඇතුළු චිත්‍රපට තිරකතා රාශියක් ද සිංහලයට නැඟුවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට වියතකු වූ එතුමන් නාට්‍ය කලාව හා සිනමාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලද ප්‍රථම ලාංකිකයා ද වේ.
ජපන් බස පිළිබඳව ලක්දිව විසූ විශිෂ්ටතම පඬිවරයකු වූ රාජකරුණා මහතා සාහිත්‍ය රුචිය හා නවකතා විචාරය, 19 වැනි සියවසේ ගද්‍ය සාහිත්‍ය නූතන සිංහල කාව්‍ය, සිංහල නවකතාවේ ආරම්භය, කවබත සයුනරිගේ කෙටි කතා, ජපන් නාට්‍ය එකතුව, ජපන් හයිකු කාව්‍ය ඇතුළු ග්‍රන්ථ විශාල ප්‍රමාණයක ශ්‍රී ලාංකේය පාඨක ලෝකයට දායාද කළ අග්‍රගන්‍ය වියතෙකි. හිටපු සරසවි ඇදුරුතුමෙකි. එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
සමන්ති වීරසේකර