මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කර ජාතික මතවාදයක් ජනගත කළ යුතුයි – මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර

181

ආර්ථික, සමාජ හා දේශපාලන තිරසාරත්වය නැවත ඇතිකර ගැනීත්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘සතුටු දැයක්’ නිර්මාණය කිරීමත් මව්බිම ජනතා පක්‍ෂයේ පෙර දැක්ම බව මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය.

මව්බිම ජනතා පක්‍ෂයේ පක්‍ෂ මූලස්ථාන කාර්යාලය විවෘත කිරීමෙන් පසු පැමිණ සිටි පිරිස සහ මාධ්‍ය අමතමින් දිලිත් ජයවීර මහතා මේ බව කීවේය.

සතුටු දැයක් නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේනව්‍යකරණයේ පෙරමග සලකුණු සනිටුහන් කරන මව්බිම ජනතා පක්‍ෂයේ ජාතික මූලස්ථානය අංක 11, උiාන මාවත, කොළඹ 8 දරන ස්ථානයේ දී පක්‍ෂ නායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි.

මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂ මූලස්ථානය විවෘත කරමින් සිය පක්‍ෂයේ ඉදිරි ගමන්මග සහ වැඩපිළිවෙළ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

අද සුවිශේෂි දිනයක්. ‘සතුටු දැයක්’ නිර්මාණය කිරීමේ තේමාව යටතේ සුහුරු ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව, ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම බල ගැන්වීම වෙනුවෙන් මව්බිම ජනතා පක්‍ෂයේ ජාතික මූලස්ථානය විවෘත වෙනවා. මේ රට ව්‍යවසායකයන්ගේ තෝතැන්නක් බවට පත්විය යුතු බව මාදැඩිව විශ්වාස කරනවා. නිදහසින් පසු අපේ රට තුළ දිගින් දිගටම ඇතිවූ සමාජ, ආර්ථික දේශපාලන තත්ත්වයන් පිටුපස තිබූ ජාතික උපාය මාර්ගික ප්‍රවේශයන් හි අඩුව පුරවාලමින් ඉහළ දේශපාලන සාක්ෂරතාවකින් හෙබි ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කළ යුතු වෙනවා. එමගින් සහභාගිත්ව දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලාංකික අපගේ ජාතික සභ්‍යත්වය පිළිබඳ පොදු නිර්වචනයක් තුළින් මේ වනවිට විවිධ දේශපාලන අවශ්‍යතාවන් සඳහා ජාති, ආගම් වශයෙන් බෙදී ඇති මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කළ යුතුයි. එහිදී සියලුදෙනාම එකම රටක් තුළ එකම හද ගැස්මකට ඇතුළත්, එකාවන්ව නැගී සිටින හැඟීම ඔවුනොවුන්ට දැනෙන ජාතික මතවාදයක් ජනගත කළ යුතු බව මා විශ්වාස කරනවා. ඒ හැඟීම තුළින් දීර්ඝ කාලයක් පුරා අප මුහුණ දෙමින් සිටින අන්‍යොන්‍ය අවිශ්වාසය තුරන් කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් අපි මව්බිම ජනතා පක්‍ෂය හරහා ඉදිරියේ දී දියත් කිරීමට සූදානම්.

මව්බිම ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා :

මේ මාතෘභූමියේ දේශපාලන අවකාශය තුළ අන් මත නොඉවසීමේ සංස්කෘතිය වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සියලු අදහස් වෙත විවෘත මනසකින් සවන් දිය හැකි සමාජයක් සහ ඒ හරහා ප්‍රශස්ත වූත්, සහෘද වූත්, දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment