මහින්දානන්දගෙන් පහර කෑ ගුණතිලක රාජපක්‍ෂගෙන් පොලිසිය කටඋත්තර ගනී

50

ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් පහර කෑමට ලක්වූ බව කියන ගුණතිලක රාජපක්‍ෂ මහතාගෙන් ඊයේ (05දා) කොටුව පොලිසිය කටඋත්තර ලබාගත්තේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුවත් කිරීමට ද පොලිසිය ඊයේ (05දා) කටයුතු කර, එම සිදුවීම වන අවස්ථාවේ එතැන සිටි මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ලබාගැනීමට ද කටයුතු කරමින් සිටී.

ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්‍ෂ මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී, අනතුරුව රැස්වීම අවසන් වී පැමිණෙමින් සිටියදී මහින්දානන්ද මහතා තම පියාට පහරදී ඇතැයි, රාජපක්‍ෂ මහතාගේ පුත් නිලුපුල් රාජපක්‍ෂ මහතා කොටුව පොලිසියට පැමිණිලි කර ඇත.

පහර කෑමෙන් තුවාල ලැබූ බව කියන රාජපක්‍ෂ මහතා එම අවස්ථාවේම යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ පාදයක අස්ථි බිඳී තිබීම නිසා ශල්‍යකර්මයක් ද සිදුකර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment