මහින්දානන්ද රිමාන්ඩ් 

85

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වරෙන්තු නිකුත්කර සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ අද (19දා) පැමිණ සිටියේය.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සඳහා ඔහුට වරෙන්තු නිකුත්කර තිබුණි.

ඒ අනුවල එම නඩුව අද කැඳවීම සඳහා ඒ මහතාගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබිණ.


advertistmentadvertistment