ප්‍රචාරක වැඩ හෙට රෑ අවසන්
අපේක්‍ෂකයෝ 8812ක්
ඡන්ද මධ්‍යස්ථාන 13421ක්
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වෙන අතර පක්ෂවලට සහ අපේක්ෂකයනට සිය ප්‍රචාරක කටයුතු සිදු කර ගැනීමට ලබා දී තිබූ කාල සීමාව හෙට (11දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ඒ අනුව ඡන්දදායකයන්ට ඡන්ද මධ්‍යස්ථාන 13421 කදී 14 දා පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සැලසෙයි.
මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ 5006 දෙනෙක් ද ස්වාධීන කණ්ඩායම්වලින් 3346 දෙනෙක් ද තරග කරති. මේ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ද ඇතුළුව මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කර ගැනීමට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ 8821 දෙනෙක් තරග කරති. ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්ක 22හි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ගණන් කිරීමේ කටයුතු ආරම්භ වෙයි.
පැෆරල් සංවිධානය නිරීක්ෂකයන් 6000කට වැඩි පිරිසක් මැතිවරණය නිරීක්ෂණයට යෙදවීමට නියමිතය.
රනිල් ධර්මසේන