මහ බැංකුවට බලෙන් ඇතුළු වෙන්න හැදූ පිරිසට ඇප

125

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඊයේ ඇතුලුවීමට උත්සාහ ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් 10දෙනෙකු ඇප මත මුදාහැර ඇත.

එම සැකකරුවන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

එහිදී අධිකරණය අදාළ ඇප නියෝගය ලබාදෙමින් සැකකරුවන්ට රාජ්‍ය ආයතනය වෙත අයුතු ලෙස ඇතුලුවීම ද තහනම් කර ඇත.


advertistmentadvertistment