මහ රෑ ගෙයකට රිංගා කතකට අතවර කළ පොලිස් නිලධාරියා දැලේ

481

මැදවච්චිය ඇටවීරගොල්ලෑව පොලිසියට අනුබද්ධ සැරයන්වරයකු, මැදවච්චිය ප්‍රදේශයේ නිවසකට පෙරේදා (25දා) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළුවීම නිසා, එම නිවසේ කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් සැරයන්වරයා මෙම කාන්තාව පමණක් නිවසේ සිටි මොහොතේ, මෙසේ එහි පැමිණ තමාට අතවර කළ බව ඇය මැදවච්චිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම සැරයන්වරයා ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මොහු ඇටවීරගොල්ලෑවේ පදිංචිකරුවකු වන අතර මැදවච්චියට ගොස් මෙම අතවරය කර ඇතැයි පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment