මහ වැස්සෙන් කිළිනොච්චියේ මහ මාර්ග-ගෙවල් යට වෙයි

16

පවුල් 458ක් අවතැන් වෙති

කිළිනොච්චියට දින තුනක් තිස්සේ ඇද ඇළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම පළාතේ නිවාස, මංමාවත් රැසක් ඊයේ (28 දා) උදෑසන වනවිට ජලයෙන් යට වී තිබේ.

නිවාස ජලයෙන් යටවීම නිසා කිළිනොච්චියේ පවුල් 458කට අයත් පුද්ගලයන් එක්දහස් හාරසීයක පමණ පිරිසකට උන්හිටිතැන් අහිමි වී තිබේ.

මහ වැස්සෙන් කිළිනොච්චියේ මහ මාර්ග-ගෙවල් යට වෙයි

නිවාස ජලයෙන් යටවීම නිසා ඒවායෙහි සිටි වැසියන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.

අවතැන් වූ පිරිසට කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත සහන සැලසීමේ කටයුතු ආරම්භ කර තිබේ.

අධික වර්ෂාව නිසා එකතු වූ ජලය කිළිනොච්චිය නගරයේ කාණුවලින් නිසි ලෙස බැහැර නොවීම නිසා එම ජලය පිටාර ගලා ගම්බද පළාත් දක්වාම ගමන් කිරීමෙන් නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment