තරුණයින් දෙදෙනෙකුත් කාරයේ නංවාගෙන සිරිපා වන්දනාවේ ගිය ඩෝප් කෙල්ල අත්අඩංගුවට

299

බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණියක් (අවු18) නල්ලතන්නිය මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.

අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණිය තවත් තරුණයන් දෙදෙනෙකු සමග (17) බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන අවස්ථාවේදී මස්කෙළිය මවුස්සාකැලේ මංසන්ධියේදී නල්ලතන්නිය පොලිසියට අනුබද්ධ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී තරුණිය බීමත්ව සිටි නිසා කාන්තා පොලිස් නිලධාරින්ගේ සහය ඇතිව සැකපිට අත්අඩංගුවට ගෙන මේ මස 21 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් ලබාදෙමින් පොලිස් ඇප මත මුදා හැර ඇත.

ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන සහ බීමත්ව රිය ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිස් කොට්ඨාස බල ප්‍රදේශය තුළ ස්ථාන කිහිපයකම සහ හැටන් දුම්රිය ස්ථානයේ දිවා රාත්‍රි දෙකේම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇත.

නල්ලතන්නිය පොලිසියට අනුබද්ධ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ සහකාර පොලිස් අධිකාරි ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ බගවන්තලාව පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපති උපොප රත්නායක මහතා විසින් බීමත්ව රිය ධාවනය කර තරුණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.
සටහන නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment