මානුෂීය ආධාර අවශ්‍ය පිරිස ලක්‍ෂ 57 ක්

74

ලක්‍ෂ 49 කට කෑම අර්බුදයක් රතුකුරුසය කියයි

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 57කට මානුෂීය ආධාර අවශ්‍ය වී ඇති බවත් ඉන් ලක්ෂ 49ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් රතුකුරුස සංවිධානය නිකුත් කළ අලුත්ම වාර්තාවේ දැක්වේ.
එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ ලක්ෂ 24ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දෙයි.

මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුප්පත් පවුල්වලට බවත් ඉන් ඔවුනගේ ආදායම හරි අඩකින් අඩුවී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලාංකිකයන් තම වත්කම් විකිණීමට පෙළඹී ඇතැයි ද, ජීවත් වීම සඳහා ණයකරුවන් වී ඇතැයි ද එම පවුල්වල ළමුන් පාසල් යෑම මඟ හැරී යාමේ අවදානමක් මතුව තිබෙන බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

ළමුන්ට, ගර්භණී මාතාවන්ට, කිරිදෙන මව්වරුන්ට, ආබාධිත පුද්ගලයන්ට, කාන්තා මූලික පවුල්වලට, සංක්‍රමණිකයන්ට, සරණාගතයන්ට, වතුකරයේ ජනතාවට සහ කුඩා ආගමික කණ්ඩායම්වලට ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද රතුකුරුස සංවිධානය එම වාර්තාවේ සඳහන් කර ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට, වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයන්ට ලබා දෙන සහාය අඩු වී ඇති බවත් ඒ හේතුවෙන් මෙම කණ්ඩායම් අවදානමට ලක්ව ඇති බවත් එම වාර්තාව පෙන්වා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment