මාර්තු අප්‍රේල් හිඟ මුදලත් සමග සා.පෙළ සමතුන්ට මැයි සිට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදල දන්වයි

68

2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා සහිත සිසුන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ කටයුතු සාර්ථකව අවසන් වී ඇති අතර මාර්තු සහ අප්‍රේල් මාසවල ගෙවිය යුතු හිඟ මුදල් ද සහිතව මැයි මාසයේ සිට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදල දැනුම් දෙයි.

ඒ අනුව 2024 මාර්තු මාසයේ සිට තෝරාගත් සෑම ශිෂ්‍යත්වලාභියෙකුටම මාස 24ක් පුරා රු.6000 බැගින් මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමට නියමිතය. තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lkහි ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund වෙත පිවිසීමෙන් ලබාගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment