මාර ගසේ සිටි මාරයා යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා බිලි ගනී

174

දොඩංගොඩ නෑහින්න ප්‍රදේශයේ යතුරුපැදියක් මාර ගසක ගැටී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නෑහින්න ප්‍රදේශයේ පදිංචිව සිටි අසංක සුජිත් අනුර කුමාර සහ සුබ්‍රමනියම් පද්මරාජා නමැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය. අසංක සුජිත් නැමති අය දොඩංගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ බහු කාර්ය සේවකයෙකු වේ.

දොඩංගොඩ නෑහින්න කැටගහේන ප්‍රදේශයේදී බෑවුම් මාර්ගයක් සහිත ප්‍රදේශයේදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. මෘත දේහයන් විල්පාත ප්‍රාදේශීය රෝහලේ සහ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත. දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වය.

වාද්දුව – සුමිත් පොතුපිටිය


advertistmentadvertistment