අනිත් ප්‍රා. සභා එයාලට දුන්නත් ඔච්චරයි
දැන් දිනපතාම වෙඩි පත්තු වෙනවා: ඩෑන්ගේ මරණය සැකයි
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ සමයේ දී මෙවැනි වෙඩි තැබීම් සිදුනොවූ බවත් අද වනවිට මේ රටේ දිනපතා විවිධ ස්ථානවල වෙඩි තැබීම් සිදුවීම ඉතා සුලබ දසුනක් වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී ඔහු මෙසේ ද කීවේය.
“ඩෑන් ප්‍රියසාද් මහතා කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක්. මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් වීමට පෙර ඩෑන් ප්‍රියසාද් මහතා සමාජ දූෂණයට එරෙහිව රට ජාතිය වෙනුවෙන් පෙනී හිටපු සමාජ ක්‍රියාකාරිකයෙක්. ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය ඉතාම සැක සහිතයි. ඒ සැක සහිත වීමට කාරණා තුනක් අපි දකිනවා. එනම් ඩෑන් ප්‍රියසාද් මහතා දෙවරක් ඝාතනය කරනවා, එතුමා මියයන්න කලින්ම එතුමා මියගිය බවට ප්‍රකාශයක් නිකුත් කරනවා. එය එතුමාගේ මියයෑම බලාපොරොත්තුවෙන් සිටියා වගේ. ඒ සිදුවීම සැක සහිතයි.
කිසිම බයක් සැකක් නැතිව මේ තට්ටු නිවාසයකට නිවි සැනසිල්ලේ ඇවිල්ලා නිවසක් ඇතුළට පැමිණ වෙඩි තබා යෑමට පුළුවන් තැනකට මේ රටේ ජාතික ආරක්ෂාව පත්කරලා තිබෙනවා නම් තත්ත්වය ඉතාම ඛේදනීයයි. මෙය මේ රටේ ජනතාවට පමණක් නොව, ඉදිරියට මේ රටට විදේශ ආයෝජකයන් එන කාරණයට පවා දැඩිව බලපාන්න පුළුවන්.
තව දින කිහිපයකින් පළාත් පාලන ඡන්ද විමසීම තිබෙනවා. දැන් ජනාධිපතිතුමා පොකට් මීටින්වලටත් යන තත්ත්වයකට ම ජනතා විමුක්ති පෙරමුණ පත්වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා එසේ ගිහින් ප්‍රකාශ කර සිටිනවා දූෂිත නැති පාලනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණට පළාත් පාලන ආයතනවල බලය දෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණට බලය තිබෙනවා නම් ඔවුන්ට බලය ලැබෙන පළාත් පාලන ආයතන කොයි ආකාරයෙන් කටයුතු කරන්නේ කියන එකට හොඳ නිදසුන ඇල්පිටිය ප්‍රාදේශීය සභාව. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පිහිටෙව්වේ මාස 06කට කලින්. ජනතා විමුක්ති පෙරමුණ තමයි එහි බලය පිහිටෙව්වේ. හැබැයි පහුගිය මාස 06 තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් සිදුකර නැහැ. තණකොළ කපන මැෂින් එකට දමන ටූටී ඔයිල් එකෙන් පවා හොරකම් කිරීමක් කර තිබෙනවා. ඔවුන්ගේ පක්ෂය පුම්බන මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අමතරව වෙන කිසිදු දෙයක් මේ වනතෙක් මාස 06ක කාලය තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සිදුකරලා නැහැ. මෙය තමයි මේ රටේ ජනතාව තේරුම් ගන්න අවශ්‍ය යථාර්ථය. පළාත් පාලන ආයතනයේ බලයත් ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජනබලවේගයට ලබාදුන්නොත් ජනතාවට සිදුවෙන්නේ ඇල්පිටිය ජනතාවට අද සිදුවී තිබෙන දෙයම දැක ගන්නයි.
ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දිනය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එසේම දැවැන්ත මැයි රැලියක් සඳහා ලංකාව පුරාම ජනතාව මේ සඳහා සහභාගිවීමට නියමිතයි.
අනුරාධ හිරිපිටියගේ සහ එරික් ගාමිණී ජිනප්‍රිය