මැයි 19 සිට බස්නාහිර පළාතේ මදුරු මර්දන සතියක්
ගතවූ මාස කීපය තුළ ඩෙංගු රෝගීන්ගේ හා චිකන්ගුන්‍යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මෙම වසරේ මාස 5 1/2ක් තුළ ඩෙංගු රෝගීන් 19,901ක් වාර්තා වන බවත්, එම කාලසීමාවේ ඩෙංගු මරණ 7ක් වාර්තා වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛi ප්‍රසිලා සමරවීර මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාතේ මැයි 19 වැනිදා සිට 24 වැනිදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක බව ද ඇය කියා සිටියාය.
මැයි මාසයේ ගතවූ සති දෙක තුළ පමණක් ඩෙංගු රෝගීන් 2355ක් වාර්තා වන බව ද ඇය කීවාය.
ගතවූ මාස කීපය තුළ ඩෙංගු රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 5175ක් බවත් ඇය කියා සිටියාය.
ඉන්පසු වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ සබරගමුව පළාතෙන් බව ද ඇය කීවාය.
ඩෙංගු සහ චිකන්ගුන්‍යා යන වෛරස් රෝග වැළඳෙනුයේ ඊජිප්තයි හා ඇමබොබිට්නෙස් කියන මදුරුවන් දෂ්ට කිරීමෙන් බව ද ඇය පවැසුවාය.
ඩෙංගු රෝගයේ ලක්‍ෂණ තද උණ සමග තද හිසරදය, ඇස් යට වේදනාව, සමේ රතු පැහැති පැල්ලම් ඇතිවීම, ඇඟපතේ වේදනාව ආදියයි.
චිකන්ගුන්‍යා රෝග ලක්‍ෂණ අතර තද උණක් සමග හන්දිවල ඉදිමීම සිදුවේ. නිදන්ගත රෝග ඇති අයකු නම් එම රෝගය සැදුණු පළමු දිනම විශේෂඥ වෛiවරයකු ලවා පරීක්‍ෂා කරවා ගැනීම වැදගත් බව වෛiවරිය කියා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර