මැතිවරණ සමයේ කියවිය යුතුම කතාවක්

98

යමෙකු මියගිය පසු ඔහුගේ මනෝකාය සැරිසරන බව අපි අසා ඇත්තෙමු. එම මතය පිළිබඳව අපට විශ්වාසය. එය ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකු නැත.

අද කාලේ හැටියට මියගියහොත් මගේ මනෝකායට පෙනෙන හැටි මම සිතුවෙමි.

මිනීපෙට්ටිය බදා ගෙන ඉස්සර හඬා විලාප දුන්නත් අද කාලේ එසේ සිදුවෙන්නේ නැත. මගේ මනෝකාය ගෙදර ඉදිරි දොර ළඟ සිට මම නැරඹුවෙමි. එය චිත්‍රපටයක් බදුය.

මුලින්ම ගෙදරට පැමිණෙන්නේ මුදල් පොලියට දෙන මාර්ටින්කාරයාය. ඔහු මිනීපෙට්ටිය අසල සිට විනාඩියක් කඳුළු හෙළුවේය. මූ හරියට සිනමාවේ දුෂ්ටයා ඔහු යැයි මට සිතේ.

“මාර්ටියා මගේ බිරිඳට මා වීරයෙක් යැයි” කීවේය.

මැතිවරණ සමයේ කියවිය යුතුම කතාවක්

අපරාදේ කියන්න බැහැ සිදේවි මහත්මයා. නෝනා අර පොලී සල්ලි මාසයක් දෙකක් පහුවෙලා හරි ගන්න පුළුවන් තවත් සල්ලි ඕනෑනම් කියන්න යැයි” ඔහු කීවේය.

බිරිඳ එය ප්‍රතික්ෂේප කළාය. නැහැ සල්ලි ප්‍රශ්නයක් නැහැ. දරුවෝ ඒවා ඔක්කෝම කරලා තියෙන්නේ, බිරිඳ සඳහන් කළාය. පොලි මාර්ටියා හැදුවේ තවත් සල්ලි පොලියට දීමට ය.

ඊළඟට පැමිණියේ මගේ පමුණුවිල මිත්‍රයා සහ මීගහවත්තේ මිත්‍රයා ය. “අපි මේ ආරංචි ලැබුණු ගමන් ආවේ. හිතේ අමාරුවට බාර් එකට ගිහින් බෝතල් භාගයක්ම බීලා ආවේ” පමුණුවිල මිත්‍රයා අහල පහල අයට ඇසෙන සේ කීවේය.

තාම ඡන්ද අපේක්ෂක මහත්වරු දන්නේ නැහැ. මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වෙච්ච ගමන් මේගොල්ලෝ කැමරා මහත්වරුන් එක්ක තමයි මෙහෙ එන්නේ. පමුණුවිල මිත්‍රයා අපේ ගෙවල් ළඟ සුනිල්ට කීවේය.

“ඡන්ද අපේක්ෂකයෝ ආපු ගමන් හිතේ දුකට අපි බෝතල් දෙක තුනක් ගෙන්න ගනිමු” ගමේ පින් අයියා කියනවා ඇසුණි.

නෝමන් මහත්තයා අපිට කිව්වා මෙදා ඡන්දෙන් දිනන්නේ කවුද කියලා.

“අන්න තවත් එකෙක් එනවා ඒ එන්නේ ඡන්දවලින් පිට පිට පැරදිලා අද මොකාද වගේ, ගෙදරට වෙලා ඉන්න අපේ මිත්‍රයාය.”

“නංගි අපේ නෝමන් වෙනුවෙන් මට කතාවක් පවත්වන්න අවස්ථාවක් ලබාදෙන්න” කියමින් ඔහු මගේ බිරිඳගෙන් ඉල්ලීමක් කරනු මට ඇසුණි.

“මේකා වගේ මිනිහෙක්. මේකා මළ ගෙදර කතාවක් පවත්වලා හරි ප්‍රසිද්ධියක් ගන්න” හදන හැටි මම සිතුවෙමි.

“අපොයි ඔයාගේ කතා පළක් නැහැ. එයා වෙනුවෙන් රටේ හුඟාක් ප්‍රසිද්ධ අය කතා පවත්වනවා. බිරිඳ උත්තර දුන්නාය.

“අක්කේ නෝමන් අයියාගේ අර කමිස දෙකයි දිග කලිසම් ටිකයි මට දෙන්න. දැන් අලුතින් ඇඳුම් මහන්න බර ගාණක් ටේලර් ගන්නවා” ගෙදරට පැමිණි විමලේ මල්ලි බිරිඳට කියනවා ඇසුණි.

තවත් එකෙක් කුස්සියේ තිබූ මා ගෙනැවිත් තිබූ රතුලූනු කිලෝ එක උස්සගෙන යන්න හැදුවේය. මට ශබ්දය ඇසෙන සේ කුස්සියේ දොර මහහයියෙන් වැසුවෙමි.

ශබ්දය ඇසී ගෙදර කට්ටිය කුස්සියට ඒමට කලින් හොරා පැන ගියේය.

මළගෙදරට කෑම ඕඩර් කිරීමට තවත් පොලී මුදලාලි කෙනෙකු පොරොන්දු විය.

අද මඟුල් ගෙවල්වලට වඩා මළ ගෙවල්වලටත්, හෝටල්වලට කෑම පිඟානකට රුපියල් දහස් ගණන් වැයවෙයි. නාමල් ප්‍රදේශයේ සුබසාධන සංගමය එය නොමිලේ සිදුකරන බවට පියවර ගැනීම නිසා පොලී මුදලාලි පොරොන්දුව අත් හැර දැමුවේය.

ගමේ ඕපාදූප ඇසලින් පැමිණ මිනී පෙට්ටියේ වටිනාකම ගැන කතා කළාය.

“තනිකර බුරුතවලින් මිනීපෙට්ටිය හදලා තියෙන්නේ ඇය කියනවා ඇසුණි.

ඡන්ද පෝස්ටර් මැද්දේ මගේ විශාල ඡායාරූප අඩංගු පෝස්ටර්වලින් තාප්ප පුරා අලවා තිබුණි. බැලූ බැල්මට මමත් ඡන්ද අපේක්ෂකයකු බඳුය. ඡන්ද පෝස්ටර් පත්‍රිකාවලට ඕනෑතරම් කඩදාසි තිබෙනවා පත්තරවලට පොත්පත් මුද්‍රණය කරන්න කඩදාසිවලට බදු පිට බදු ගහනවා. පුදුම රටක දෙයියනේ දැන් මුළු රටටම ආරංචි ලැබිලා වගෙයි. කැමරා මහත්වරු ගෙවල් පැත්තට එනවා. අන්න ඡන්ද අපේක්ෂකයෝ ඡන්ද ආධාරකාරයෝ සමග මේ පැත්තට එනවා” මාත් එතැනට යනවා…

“මේ මිනිස්සු අපේ ගෙදරටවත් එන්නේ නැතිව මිදුලේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්…

“මාධ්‍යවේදියා තමයි රටේ දූෂණ හොර මැරකම් අල්ලලා දෙන්නේ… බය නැතිව අපේ වැරදි අඩු පාඩු පෙන්වා දෙන්න.”

නෝමන් මහත්තයා ඒ අඩුපාඩු අපට පෙන්වා දුන්නා.

“මගේ අම්මෝ… මේ මනුස්සයෝ ගොතන බොරු. අඩුපාඩු විවේචනය කළා කියලා මට ගිය සුමානයේ හොඳටම බැන්නා. අද මෙයා බයිලා කියනවා. මුන් දෙන පොරොන්දු ඔය වගේ තමා…

අපේක්ෂකයා ගේ ඇතුළට නොපැමිණියේ කිලි අහුවෙන නිසාය.

ඡන්දයෙන් දිනන්නත් ඔහු කට්ටඩියෙක් අල්ලා ගෙන මොකක්ද කරවා ගෙන ඇති බව මට දැන ගැනීමට ලැබුණේ ඔහුගේ රියැදුරාගේ කතාවෙනි.

“අපි නෝමන්ව කලාභවනට ගෙනියමු.”

“ඒකට එයාලගේ ගෙදර කට්ටිය කැමැති නැහැ. එතැනට යන්න වාහනවල පැට්‍රල් කවුද ගෙවන්නේ මගේ පමුණුවිල මිත්‍රයා බීමතින් හෝ ඇසුවේ වැදගත් ප්‍රශ්නයකි.”

මටත් මේ අවමංගල්‍ය උත්සවයට දායක වෙන්න ඕනෑ. අපේක්ෂකයා කීවේය.

අපිට බෝතල් දෙක තුනක් දුන්නොත් ඇත.ි ඒක අපි කරන්නම් මගේ තවත් මිත්‍රයෙක් කීවේය.

අපේක්ෂකයා ආපසු හැරී ගියේ දිනුවට පස්සේ බෝතල් දෙන බවට පොරොන්දු වෙලාය.

තවත් අපේක්ෂකයෙකු මගේ නිවස තුළටම පැමිණියේය.

ඔහු මගේ කිහිල්ලට අත තැබුවේ මා ඇත්තටම මැරිලා දැයි දැන ගැනීමට ය.

කිචිය ඉවසාගෙන සිටියේ ඒ අපේක්ෂකයාගේ පරම්පරාව ගැන මගේ මුවින් පිටවිය හැකි නිසාය.

නිතරම ප්‍රවෘත්ති උඩුකුරුව බලන මගේ ගෝල මිත්‍රයෙකු සිය මිතුරන්ව පැවසුවේ මා මිය ගොස් නැති බවය. මාධ්‍යවල ප්‍රසිද්ධ නොකරන ලෙසට.

අපේක්ෂකයෝ තුන් දෙනෙක් එක්වරම ගෙදර පැමිණියේය. මගේ බිරිඳට පොරොන්දු රැසක් දී තිබුණි. ඒවා රටට දෙන පොරොන්දු වගේය.

ගෙදරට එන සෙනඟ එන්න එන්න වැඩි විය.

මාධ්‍යවේදීන්ට දිගට හරහට දොස් පවරන දේශපාලන පක්ෂවල උදවිය ගේ ඇතුළට පැමිණීම වැඩි විය. මා මගේ බිරිඳට දුක වේදනාව පවසා ගෙදර ඡන්ද ප්‍රචාරක මධ්‍යස්ථානයක් බවට පත් කළේය.

අපේක්ෂකයෝ මෙන්ම ආධාරකරුවෝ දැන් අපේ ගෙදරය.

අපි දිනනවා…

නැහැ. අපි දිනනවා.

“බම්බුව තමයි. තමුසෙල මොනවද කරලා තියෙන්නේ.”

අපේ කැමරා මහත්වරු එම දේශපාලන සංවාද කැමරාගත කරනු පෙනේ.

අපේ ගෙදර කැමරා ශිල්පීන් මාධ්‍යවේදීන් සිටින බව දැනගෙන අපේක්ෂකයෝ ඡන්ද ආධාරකරුවෝ රැගෙන බස් රථවලින් අපේ ගෙදරට දිගින් දිගටම පැමිණෙන්නට පටන් ගත්හ.

මගේ පවුලේ උදවිය අපේ කැමරා මිත්‍රයින්ට යමක් රහසිගතව කියන්න පටන් ගත්තේය.

ඒ සැණින් කැමරා මහත්වරු මගේ දේහය කැමරාගත කර සිය වාහනවලින් පිටත්ව යනු දක්නට ලැබුණි.

කැමරා මහත්වරු ගිය නිසා අපේක්ෂකයෝ ද විසිර ගියහ.

මාධ්‍යයට බැණ බැණ මෙයාලා අපේ මාධ්‍යවේදීන්ගේ උදව් ගන්නවා.

මේ දිනවල මනෝකායන්වලට මෙවැනි සුලබ දර්ශන පෙන්විය හැකිය. මම එම සිතිවිල්ලෙන් බැහැරවී පුරුදු පරිදි ගෙදර වැඩවලට බිරිඳට උදව් වුණෙමි. අගහිඟකම් රටට ම ඇත. මනෝකාය තුළ සිටීම ජොලිය.

මෙම මැතිවරණයේදී පමණක් නොව සෑම මොහොතකම අපි අපිටමය.


advertistmentadvertistment