මිදිගම රුවන් යළි රිමාන්ඩ්

86

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ලබන ජුනි 4 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (21දා) නියෝග කළාය. 
 
නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කළ සැකකරු සම්බන්ධයෙන් උදෘත නීතිපති උපදෙස් සදහා යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.


advertistmentadvertistment