25ක් රෝහලේ
මින්නේරිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොළඹ මඩකලපු ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ධීවර සංස්ථාව ඉදිරිපිට දී ඊයේ සවස 5.15ට පමණ කොළඹ සිට කදුරුවෙල බලා ධාවනය වූ බස් රථයක් හා කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් බස් රථ දෙකේ ගමන් කළ මගීන් 25 දෙනකු තුවාල ලබා දෙදෙනකු මියගොස් ඇත. ඉන් හයදෙනකු බරපතළ තුවාල ලබා ඇති බව ද මින්නේරිය පොලිසිය කියයි. මියගොස් ඇත්තේ එක් බස් රථයක රියැදුරකු සහ මගියෙකි.
රිය අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් හිඟුරක්ගොඩ රෝහලට හා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා ඇතුළු එම පොලිසිය සහ හිඟුරක්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර, මින්නේරිය – සුසිල් කරුණාතිලක